À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑවැනි කොටහා

A+ A-

” ඈ……. දෙනෝ කුව්වේ මදේ කාසම. ඒ යි පිත්තුද මොලා කලන්තේ ඈ දෙනෝ ඕත….. “

” චූටි බාප්පියෝ…… මෙන්න මිනී මරනවෝ…. “

” මන් පානවා තමුතෙදේ ඔලුව. මදේ කාසම දෙන්ත කුව්වේ…. හබයි ගානවා. කෝද දුවන්තේ ඈ… ඉන්තයි කුව්වේ මන් “

මන් පාත්ති වලට වතුර දදා ඉද්දි දෙනුවන් පැටියගේ ආසම කලිසමක්‌ අරන් ගේ වටේ දුවනවා නුරාදව අවුස්ස අවුස්ස. පැටියා ඉතින් තඩි ගලකුත් තියාගෙන පිස්සු හැදිලා වගේ දෙනුවන්ව පන්නනවා ගේ වටේ. මයෙ කොල්ලා අදත් පාන්දර වැඩට ගියේ බත් වත් කන් නැතුව. ගිහිල්ලා දෙන්න ඕනී බත් මුලක්

” පුතා දෙනුවන් කෙසෙල් කොළයක් කපන් එන්නකෝ. කුස්සියේ පැත්තේ ඇති වීසි කැත්ත “

” මේ කුරුමිණියව ගන්න එහෙනම් “

මන් පැටියගේ කලිසමත් අතට අරන් එයාට පේන්නම වැලේ වනලා නුරාදවත් කරට අරන් ආයේ වතුර දාන්න පටන් ගත්තා.

” පස්සේ අයියත් එක්ක දත් මැදලා මූණ හෝද ගන්න නුරාද…හන්දියට ගිහිල්ලා එන්න යන් “

” ආසකීම් ගන්නත ඈ අලේ…. “

” චූටි අප්පච්චිට බත් එක දෙන්නයි. බඩු ගන්නයි “

තවපු කෙසෙල් කොළේට බත් ටිකක් වැඩි පුර දාලා මලවපු තවුසි කොළ මැල්ලුමයි ඊයේ හවස දෙනුවන් අතේ ඒවාපු මාලු වලින් ඇඹුල්තියල් දාපු මාළු කෑළි තුනකුයි රටකජු බැදුමයි තෙල් දාපු පරිප්පුවයි. පැත්තකින් මයෙ නිලූෂට දැම්මා තව සුද්ද කරාපු රතු ළුණු ගෙඩි දෙකකුත්.

” සිදෙනෝ අයියූ….. අයි ඔත්තල මාව මිලිකන්තේ ඔලාලා අප්පා…..”

” දකිද්දී ගිලින්න හිතෙනවා මට “

පැටිය හොදට ලෑස්ති වුණාට පස්සේ මන් එයාගේ ක්‍රීම් පවුඩර් ටිකත් උලලා රා රෝස පාට ඌල් ජේසිය දාලා ඒ පාටටම තියෙන මේස් දෙකකුත් දැම්මා. දැන් ඉන්නවා නිකන් ඇවිදින බෝනික්කෙක් වගේ.

” පුතා මල්ලි එක්ක වාහනේට නගින්න. මන් බත් එක අරන් එන්නම් “

ලාවට අව්වක් වැටෙන නිසා හොදයි සීතළ පොඩ්ඩක් හරි යන්න. ඒවුනාට දවල්ට පිච්චෙන්න තරම් රස්නියි.

” මන් ගීල්ලා දෙන්තම්කු අප්පත්ති…. “

” නෑ නෑ ඕන්නෑ….. බැනුම් අහනවා දැන් ඔයා ඔහොම ඇතුළටම යන්න ගිහිල්ලා “

මන් ගේට්ටුව ළගට ගිහිල්ලා පණිවිඩයක් ඇරියට පස්සේ තමයි මයෙ නිලූෂ ගේට්ටුව ළගට ආවේ.

” මොනාද මේ මල්ලක් “

” අනෝදා ගෙඩියක් කැඩුවා මන්. කාලා බලන්නකෝ රසයි. කෝ පැටියා ආවේ නැද්ද “

” ආවා ආවා මන් බහින්න වත් එපා කිව්වා නිලූෂ. ඔහේ දුවගෙන වත් ඇතුළට ගියොත් “

මන් බැලුවේ පැත්තකට වෙන්න නවත්තලා තිබ්බ වාහනේ දිහා. එයා මේ දවස් වල හරි දගයි. එහෙ බලලා මෙහෙ බලද්දී කොල්ලා අන්තරස්දහන්.

” මන් එද්දි හවස් වෙයි. බලන් ඉන්නැතුව ඇතුළට වෙලා ඉන්න. මන් යන්නම් එහෙනම්. පරිස්සමින් යන්න හාමූ….. “

මයෙ කෑම එකත් අරන් හිස් මුදුනට හාද්දක් දීලා ආයේ එයා ඉක්මනට යන්න යද්දි මාත් එන්න ආවේ වාහනේ ඇතුළට.

” දෙනුවන්   මල්ලි එක්ක අයිස්ක්‍රීම් පෙට්ටියක් ගන්න යනවද අරකට. මන් මෙතනින් එළවලු ටික ගන්නකම් “

” දැන් කන්නත් මොනා හරි ඕනී අපිට නැද්ද කුරුමිනියෝ “

” මන් කුව්වා ඔයාත කූමියා කියන්ත එපා කීලා. මන් තලායි. අයි අප්පා……… “

දෙනුවන්ටත් ඔරවපු පැටියා තොලුත් උල් කර කර දෙනුවන්ගේ අතේ එල්ලුනේ කඩේ යන්න.

මයෙ නිලූෂ වැටකොළු කන්න අකමැති නිසාම දවස් තුනකට ඇති වෙන්න වැටකොළු අරන් මන් කන්න කැමතිම ගෝවා ගෙඩියකුත් ගත්තා. බටුයි කෙසෙල් මුවයි වට්ටක්කයි කැරටුයි ඒ හොදටම ඇති.

” මහත්තයා අළු කෙසෙල් “

” නෑ නෑ නැන්දේ ඕන්නෑ. “

එළවලු ටිකත් මල්ලට දාන් ඉස්සරහට වෙලා හිටියෙ දෙන්නා එනකම්. තාම මොනා කරනවද මන්දා දෙන්නා. එක්කෝ මටම යන්න තිබ්බා. කෝකටත් මන් ගියා එයාලා දෙන්නා ගියපු කඩේ ඇතුළට මගේ අම්මේ දෙනුවන්. මල්ලිටම කියාපු මහ ලොකු අයියන්ඩි. මෙච්චර වෙලා මොනා කරනවද මන්දා දෙකට තුනට නැවිලා දෙන්නම අයිස් පෙට්ටියේ අයිස්ක්‍රීම් තෝරනවා.

” ඔලාත කන්ත බාද හලු….. “

” කුරිමිණි පැංචට කන්න බෑ නම් දෙන්න ඕක මට. එක කටකට ගිලලා දාන්න මන් “

” මත බා……  ඔලා පෙලේතයි ගුදක්. පැතියදේ ඒවත් කන්ත යනෝ. මදේ තූති අප්පත්ති නම් පැතියත ආසකීම් දෙනෝ කන්ත බා කීලා. නේත අප්පත්ති “

” ඒකනේ පැටියෝ. ඒවුනාට අනිත් අයගේ ඒවගෙන් එහෙම ඉල්ලන එක හොද නෑ හරිද “

දෙනුවන් දිවත් දික් කරලා එයාගේ කෝන් අයිස් එක කටේ ඔබා ගද්දි පැටියා මයෙ දිහාටත් බැල්මක් දාලා ආයේ එයාගේ ආසකීම් එක ලෙව කන්න ගත්තා.

” දෙයියනේ නුරාද මෙහෙ එනවා. කොහෙද ඉන්නෙ නුරාද…… ඉන්න තැනකින් එළියට එන්න ගුටි දෙකක් දෙන්න කලින් “

මායි දෙනුවනුයි රෑට කන්න උයන්න කියලා ලෑස්ති වුණේ පහට විතර . ඒවුනාට මන් කුකුල් මස් ටික උයන්න ශීත බබාව අරිද්දි පේන්නවත් නෑ දවල් ගෙනාපු අයිස්ක්‍රීම් එක. මට ඒ ගැන ගානක් වත් ගියේ නෑනෙ ඕක හංගන්න .

” අහ් ආව් “

” මොකද මේ මයෙ හාමූ කලබලේ ම් “

එක පාරටම මන් කුස්සියේ දොරින් යන්න යද්දි නිලූෂගේ ඇගෙත් වැදිලා විහික්කා වුණු පාර ඔලුව වැදුනේ බිත්තියේ. මයෙ නිලූෂ දැන් ඇවිල්ලා තියෙන්නේ එහෙනම් .

” පොඩි හොරෙක් ඇවිල්ලා අයිස්ක්‍රීම් එක ගෙනියල අයියේ . ඒකයි ඔය චූටි බාප්පිට ආවේශ වෙලා තියෙන්නේ “

ඒ දෙන්නා ඔහේ කියවන කම් මන් ගියේ අපේ කාමරේට. ඇද අස්සෙ බැලුවත් කොල්ලා නෑ. අනිත් කාමරේ තමයි එහෙනම්.  ඔව් හිතුවා වගේම ඉන්නවා. මේසේ අස්සට කොට්ටෙකුත් දාන් ඉදගෙන අයිස්ක්‍රීම් පෙට්ටියටම ලොකු හැන්දක් දාලා කොල්ලා තලුත් මර මර කනවා. මන් ආවා කියලා වත් සිහියක් නෑ. බඩෙත් හලා ගෙන චොකලට් අයිස්ක්‍රීම්.

” ආ……. අප්පත්ති… ඔලාතක් තුත්තක් ඕලිද ආසකීම් කතත් “

” මේ කට කෑවේ නැත්තම් තමයි මන් දෙන්නේ පස්ස පුපුරන්න මේ බැට් එකෙන්ම. කනවා මේ වැටකොළු කෑල්ලත් “

අයිස්ක්‍රීම් කාලා කාලා දැන් බත් කන්න බෑලු. ඒවා කොහෙද මන් ඉන්නකම්. මේසේ උඩින්ම බැට් එකත් තියෙලා මන් ලොකු බත් එකක් බෙදා ගෙන ආවේ ඉස්සරහට.

” අලේ දන් නම් අති වදේ නෙ පතිය ත “

” ඇටයක් නෑර කන්න ඕනී “

” හාමූ ඕක කවලා තෙල් ටිකක් ගානවද “

” අදත් තිබ්බද යෝගා “

” ඔව්. දැන් මුළු ඇගම කැක්කුමයි “

ඒක කිව්ව‍ විදිහට නම් පව් කියලත් හිතුනා .  තඩි බත් ගුලියක් අරන් ආයේ මන් හැරුනේ ඇස් දිගේ කදුළු බේරෙන නුරාද දිහාට . බත් කන වෙලාවේ කන්නේ වෙන දේවල්. ඊට පස්සේ කොල්ලගේ ඇගේ මස් කලදක් නෑ. ඉන්නකෝ දිගට හරහට ආයේ මන්ම කවන්න. 

” තව ටිකයි තියෙන්නේ.  ඇදේ හාන්සි වෙන්නකෝ මන් එන්නම් “

නුරාද අද දෙනුවන් ළගට නිදා ගන්න යද්දි මන් පැටියටයි දෙනුවන්ටයි හාද්දකුත් දීලා ආවේ කාමරේට නාරායන තෙල් කුප්පියත් අරන්. අම්මේ ඇගේ නූල් පොටක් වත් නැතුව පස්සත් උඩ දාන් දොර දිහා බලන් ඉන්නවා මන් එනකම්.

” ටිකක් හයියෙන් අත ගාන්නකෝ හාමූ. කොන්දත් කැක්කුමයි “

” ඔච්චරටම රිදෙන්න මොනාද කරේ ඈ “

” යෝගම තමයි හාමූ “

ඒවා නම් පුදුම යෝගා තමයි. තාමත් ඉතින් මයෙ ගොන් අලි පැටිය ඕකේ අස්සෙම ඉන්නවනෙ වෙන රස්සාවක් හොයා ගන්නැතුව.

” මයෙ නිලූෂ ආස නැද්ද මන් වගේම සර් කෙනෙක් වෙන්න “

” මොකද නැත්තේ හාමූ. ඒත් ඊට වඩා මේ රස්සාවට ආදරෙ ආ…. ව්‍ “

දිලිහි දිලිහි තියෙන තට්ටමට මන් චටාස් ගාලා ගැහැව්වේ ඇගිලි පහත් හිටින්නමයි. බම්බුවේ ආදරේ තමයි.

” පිස්සු හැදිලද ඔහොම ගහන්නේ “

” වට්ටක්කා ගෙඩි දෙක දකිද්දී ගහන්න තමයි හිතෙන්නේ මට “

” මට හිතෙන දේවල්ම මයෙ හාමූ මහත්තයටත් හිතෙනවනෙ. අපි දෙන්නා නම් පාතාගෙනම ආපු දෙන්නෙක්ද කොහෙදෝ මයෙ හාමූ “

අප්පේ මයෙ වට්ටක්කා ගෙඩි දෙක සෑහෙන්න පරිස්සම් කර ගන්න වෙයි වගේ. මන් වගේම කිව්වට මොකද මට වඩා සිය ගුණේකින් මයෙ නිලූෂ හරිම වල් කොල්ලෙක් හිම්මිච්චා වගේ හිටියට .

අදත් ඉස්කෝලේ නිසා මන් හතරට විතර නැගිටලා ගියේ කුස්සියේ පැත්තට උයන්න.  මල පාන්දර නැගිටින්න ගියාමනෙ එපා වෙන්නේ. ඒවුනාට දවස පටන් ගද්දිම එපා වෙනවා කියලා හිතන්න හොද නෑ.

” ආ මයේ සුදු මහත්තයා….. බඩගිනිද ආ… ඉන්නකෝ තව ටිකක් බුදිය ගෙනම දර ගොඩේ. පස්සේ තමයි මයෙ පැටියට මන් කන්න දෙන්නේ “

ඒකා ඈනුමුත් ඇර ඇර ඇග මැලිත් කඩ කඩ මන් ලගට එද්දි මන් ආයේ ඌව තිබ්බේ පෝරනුව යට දර ගොඩේ.

” ඇයි නැගිට්ටවවේ නැත්තේ ම් “

” හිතුන්නෑ මට. මොනාද බොන්න ඕනී “

මන් වතුර උණු කරන්න ලිප පත්තු කරද්දී නිලූෂ ඇවිල්ලා මාව පිටිපස්සෙනුත් බදා ගෙන ඒ මූණ මයෙ බෙල්ල අස්සේ අතුල්ල අතුල්ල පොඩි එකෙක් වගේ හුරතල් වෙනවා.

” කිරි කහට එකක් හොදයි. කේක් තියෙනවනෙ “

” හදන්නම්කෝ මන්.  කෝප්ප හතර ගන්නවද එහෙනම් “

හදද්දී ඔක්කොම එක සැරේට හදන එක ලේසි. පැටියට විතරක් සුදු කිරි එකක් සීනි අඩුවෙන්.

” සර් සර් පොඩ්ඩක් උපාසක මලුවට එන්න පුළුවන්ද ඉස්කෝලේ ඉවර වෙලා “

” ඇයි පුතේ මොකක් හරි ප්‍රශ්නයක්ද දරුවෝ “

මන් අලුත් දොළහේ පන්තියට උගන්නලා පන්තියෙන් එළියට එද්දි හම්බුනේ මනුජයි නුවන්තයි.

” එහෙම නෑ සර්. අපිට පරක්කු වෙනෝ අපි යනෝ…. එන්න එහෙනම් ඉස්කෝලේ ඇරෙද්දි “

මන් ආයේ මොකුත් කියන්නත් කලින් මනුජ නුවන්තගේ අතිනුත් ඇදගෙන ගියේ මට සැලුට් එකකුත් දාලා. අනේ මන්දා මේ ළමයි.

” අපේ පන්ති භාර සරුත් ඉන්න එපැයි ෆොටෝ ගද්දි “

” කලින් කියන්න එපැයි දරුවෝ. එහෙනම් මන් හොද ඇදුමක් දාගෙනම එනවනේ “

” සර් මොක ඇන්දත් ලස්සනයි පෙනුමයි. ආයේ වෙනම හැඩ වෙන්න දෙයක් නෑ සර්. “

පන්තියේ ළමයි දහ දෙනා එක්කම මාත් එයාලගේ මැදින් හිටගෙන ඉද්දි වෙන ලොකු ළමයෙක් ඇවිල්ලා කැමරාවෙන් අපේ ෆොටෝස් කීපයක්ම ගත්තා. ඒ ගත්ත හැම ෆොටෝ එකකම මයෙ පැටියත් අක්කලා ගොඩේ පනුවෝ කාපු දත් ටිකත් ඇරගෙන චීස් කියන් ඉන්නවා.

             💥💥💥💥💥💥💥💥

අද හවස මන් ක්වාටස් එකට යන්න කලින් ගියේ ගයාන් සර්ව බලන්න පොඩ්ඩක්. කාලෙකින් ගියේ නෑ. කොච්චර කොහොම මනුස්සයෙක් වුණත් මන් එදා අරහෙම කියෙව්ව නිසා නෙ එහෙම දෙයක් වුණේ කියන එක තාම මතක් වෙනවා මට .

” උබලා උස් මහත් කරේ බන් මේවා දකින්නද පුතේ. ලොකු එකත් ගියා. උබත් මේ අම්මවයි මල්ලිවයි දාලා යන්නද යන්නෙ දැන්.  වදපු අම්මට ඇයි පුතේ මෙහෙම කරන්නෙ……. උබට ඇයි දෙයියෝ මේ වගේ දෙයක් කළේ.  මයෙ රත්තරන් ගෙදරින් යද්දී කිව්වා මන් අයියා එක්කලා පරිස්සමින් ඉන්න කියලා.  ඒත් උබේ අයියා මැරයෙක්. උබත් ඒ පාරේම ගියාද මයෙ පුතේ ආ… මන් දන්නවා උබ එහෙම නෑ කියලා. මේ අම්මා දන්නවා මයෙ පුතා ගැන. “

මන් වාට්ටුවට එද්දි ගයාන් සර්ගේ ඇද ළග ටිකක් වයසක ගෑණු කෙනෙක් ඉන්නවා අඩ අඩ. ඒ ගයාන් සර්ගේ අම්මා වෙන්නැති. තනි කරලට ගොතා ගත්ත ඒ අම්මා හරි හීන්දෑරී. කළු හිසකෙස් වලට වඩා සුදු හිස කෙස් ඔලුව පුරාම .

” අම්මා බය වෙන්න එපා. ගයාන් සර් නැගිටියි ඉක්මනට “

” ඔ ඔය දරු වා කව්ද “

මන් ඒ අම්මට කතා කරත් හරි ඇස් වල තිබ්බ කදුළුත් පිහ දාලා බැලුවේ මයෙ දිහා.

” මන් ගයාන් සර්ගේ ගෝලයෙක්. නිලූෂ සත්සිදු “

” නිලූෂ සත් සි දු.  ආ මේ ඔය දරුවනේ. දැන් නෙ මතක් වුණේ. ඔය දරුවා නිසයි අද මයෙ පුතා මෙහෙම ඉන්නෙ. පුතා කරන්න ඇත්තේ සමාජෙට හරි දේ වෙන්නැති. ඒත් මන් අම්මා කෙනෙක්. මයෙ පුතා මොක කරත් මෙහෙම මළ මිනියක් වගේ ලෙඩ ඇදේ ඉද්දි මගේ නහර පුපුරන්න වගේ. ඉපදිච්ච වයසෙ ඉදලා අවුරුදු දහඅටක් මේකා හිටියෙ මයෙ අස්සේ. මයෙ මද්දු හරී ආදරෙයි පවුලේ අයට. අයියා තනියම නිසයි ඒකා මෙහාට්ට ආවේ. ඒත් අවසානේ මේ වගේ දෙයක් දකින්න මේ අම්මා පව් කාර වුණා නෙ…… “

ඒ අම්මගේ වචන ටික මයෙ පපුවට කිනිස්සකින් ඇන්නා වගේ වුණත් මන් නිහඩව අහන් හිටියා. සාදාරණයි ඒ අම්මගේ වචන ටික . උණහපුලු අම්මටත් උගෙ පැටිය මැණිකක්‌ලුනේ. ඉතින් කොහොමද අම්මා කෙනෙක් දරුවා දිහා මෙහෙම බලන් ඉන්නෙ. නිකමට මයෙ ඇහැ ගියේ වතුර වීදුරුවකට දාලා තියෙන සුදු රෝස මල දිහා .  ඒ මල ටිකක් මලානික වෙලා.

” මන් කැමති ඔය දරුවා මේ පේන තෙක් මානෙට නොඑනවනම්. පුතාගේ රාජකාරිය දැන් කරලා ඉවරයිනෙ නේද. දැන් ආයේ මයෙ පුතා ගාවට නාවට කමක් නෑ .  දැන් වත් මෙතැනින් යන්න “

රතු වෙලා තිබ්බ ඇස් වල ආයේ ආයේ කදුළු වාන් දාද්දි මන් ඇස් පියන් ඉන්න ගයාන් සර්ටත් බැල්මක් දාලා ඉක්මනට ආවේ වාට්ටුවෙන් එළියට.  අම්මා කෙනෙක්ගේ ආදරේ කොච්චර සුන්දරද.  මගේ අම්මත් කොහේ ඉන්නවද දන්නෑ. එයා නම් ගොඩක් ලස්සන ඇති. සමහර විට එක්කෝ සුද්දියක්ද දන්නෑ.

” මහත්තයා මහත්තයා ටිකට් එක “

” අහ් මෙන්න “

කොන්දොස්තරට සල්ලි දීලා මන් ආයේ ඔලුව ගහ ගත්තෙ ජනේලේ. ගයාන් සර්ගේ අම්මා ගැන දුකයි තමයි.  ඒත් එහෙම කියලා මොනා කරන්නද. අපරාද කාරයෙක් නිදැල්ලේ ඉන්නවා කියන්නෙම සමාජෙට ලොකු අනතුරක්. මිනිස්සුන්ට පීඩාවක්. එක්කෝ ඒ මිනිස්සු හරියට හැදෙන්න ඕනී. නැත්තම් එයාලව සුදුසු තැනට යවන්න ඕනී අපි . හෙට නම් කොහොම හරි කැම්පස් එකට යන්න ඕනී. ආපු නැති ඒවගේ වැඩත් ගොඩ ගැහිලා ඇති.

” තූ ති අප්පත්ති……. “

” මයෙ වස්තු… කෝ කෝ අරහෙට්ට වෙන්න. චූටි අප්පච්චි නාලා එන්නම් පැටියෝ…… “

මයෙ හාමූ කොරිඩෝ එකේ පුටුවක් තියන් ඉද්දි කොල්ලා මාව දැකලා දුවන් ඇවිල්ලා එල්ලුනේ මයෙ කකුලේ.

” ඔලාත බොන්ත මොනාත ඕලි ඈ තූති අප්පත්ති…. “

” කෝපි එකක් හදන්න පුළුවන්ද මයෙ පැටියට “

” අයියූ පූවන් අලේ පූවන්. මන් දන් ලුකුයි තූති අප්පත්ති. ඔලා නාදෙන එන්තකු….  අප්පත්ති….. à·„à·– එත ලිපත දාලා “

” හරි හරි අප්පච්චි කේතලේ ලිපේ තියෙන්නම්. චූටි අප්පච්චිගේ තුවායයි සරමයි ගේන්නකෝ අපෙ කාමරෙන් මයෙ චූටි සීයා……. “

පැටියා හරි ආඩම්බර හිනාවක් දාලා උඩත් පැන පැන දිව්වේ අපෙ කාමරේ පැත්තට.

” දෙනුවන් එයාට විහිළු කරනවනේ. ඒ නිසා ඔය “

” ඒක තමයි මාත් බැලුවේ. කිරි එකට කෝපි ටිකක් දාලා හදන්න. චුට්ටක් සීනි වැඩි පුර දාන්නකෝ මයෙ හාමූ “

” දියවැඩියාව හදා ගන්නද “

සීතළ වතුර බාල්දි දෙක තුනක් හලා ගත්තත් හරි තියෙන මහන්සියත් හේදිලා යනවා. පස්සේ හෝදන්න රෙදි ටිකත් සබන් කුඩු එකේ පෙගෙන්න තියෙලා අඩියට දෙකට ගියේ තුවායත් ඔක්කේ තියන් පුටුවේ ගුලි වෙලා මන් දිහා බලන් ඉන්න පැටියා ළගට.

” මයෙ චූටික්කා හැදුවත් කෝපි එකක් “

” ආ….. අමතත වුනාලේ පතියත … ඉන්තකු මන් ඉක්මනත වත් කලාන්තම්කු හාත “

මයෙ හාමූ මහත්තයා පැටියව නිදි කරවනකම් මන් ආවේ එළියේ තිබ්බ ලෑලි බංකු පුටුවට. හද තියෙන නිසා හරි එළියයි. පෝය අනිද්දනෙ. ලොකු හාමූ නම් සිල් ඇත්තන්ට අනිද්දා දවල් දානේ දෙනවා කිව්වා.

” යමු ඇතුළට එළිය සීතළයි “

” දැන් සීතළ නෑ “

ඔහේ කල්පනා කර කර ඉද්දි හාමූ ඇවිල්ලා බංකුවෙන් ඉද ගන්නකම් මට නෙවෙයි නිච්චියක් තිබ්බේ. මාත් එහෙන්ම කකුල් දෙකත් උඩ බංකුවේ තියන් හාමුගේ ඔක්කේ මයෙ ඔලුව තියා ගත්තා.

” මූණ හරි නෑ වගේ මොකද මයෙ නිලූෂගේ ම්…. “

” ටිකක් මහන්සි හාමු. හෙට වත් කැම්පස් එකට යන්න ඕනී “

” තව අවුරුදු දෙකයිනෙ මයෙ කොල්ලට තියෙන්නේ. එතකම් කොහොමහරි අල්ලන් ඉන්න. “

ලා හුළං එක්ක පිච්ච මල් වල සුවදත් එද්දි මයෙ මූණට ආවේ හිනාවක්. මයෙ හාමූ මහත්තයා වලව්වේ ළග ඉඩම ගත්ත හැටියේ ඒ ලොකු වැට දිගේ හැදුවේ ගැට පිච්ච මල් වැල්. දැන් නම් ඒවත් ටිකක් ලොකුයි. මන් නම් සේපාලිකා මල් පැළ තුනකුත් ඉස්සරහින් පැළ කළා. සේපාලිකයි ගැට පිච්ච මල් වල සුවදයි    පිරිලා තියෙනවා කියන්නේ මුළු ගෙදරම සිරියාවයි.

” ඔයාට නින්ද යනවා. යමු ඇතුළට ගිහිල්ලා නිදා ගමු මයෙ නිලූෂ. නමයටත් කිට්ටු ඇති “

මන් බැලුවේ මයෙ හාමු දිහා. උර හියෙන් පහළට වෙන්න තිබ්බ කොන්ඩේ එයා හොදටම කොට කරලා. හැබැයි මට වඩා ටිකක් දිගයි.

” ඇයි ඔච්චර කොන්ඩේ කොට කරේ “

” ඇයි මෙහෙම කැතයිද මට “

” ලස්සනයි එහෙමත්. මන් හරි කැමති. ඒවුනාට යටින් පොනියක් දාන්න පොඩ්ඩක් ඉතිරි කරන්න තිබ්බනෙ “

” ඒක ඉක්මනට වැවෙයි බන්. යමු නිදා ගන්න නිදි මතයි මට “

හාමු ඈනුමක් ඇරලා හිනාවකුත් දාද්දි මාත් බංකුවෙන් නැගිටලා හාමුවත් ඇදන් ගියේ ඇතුළට.

පහුවෙනිදා මන් කැම්පසුත් ගිහිල්ලා ඉවර වෙලා එහෙන්ම නැග්ගේ හිල්ලාව බස් එකට. හාමු කිව්වා දවල්ට ඉස්කෝලේ ඇරිලා යනවා කියලා වලව්වට.

” අයියේ වලව්වටද යන්නෙ “

බස් එකෙන් බැහැලා වලව් පාරට හැරෙද්දිම මට හම්බුනේ සයිකලේ පැදන් ආපු සපුමල්ව . දැක්ක කල් මුන්දැව.

” ඔව් බන්. උබ මේ කොහෙද යන්නෙ “

” නගින්න සයිකලේට මාත් යන්නෙ එහාට්ට තමයි අයියේ. අප්පච්චි ගේ පොල් කඩපු සල්ලි ඉල්ල ගන්න තියෙනවා “

සපුමල් එන්නත් කියපු එකේ මන් නැග්ගේ සයිකලේ පිටිපස්සට. සයිකලේ පිටිපස්සේ රෝදේ වත් පිපිරෙයිද දන්නෑ.

” හයියෙන් මාව අල්ල ගන්න අයියේ “

” වල වල්  වල නම් දාන්න එපා කොල්ලෝ. මන් බරයි වගේ නම් කියන්න මන් බහින්නම් “

කොල්ලා හිමීට හිමීට පාගද්දී මන් අල්ල ගත්තෙ පිටිපස්සෙන්. හොද වෙලාවට කකුල් තියා ගන්න එකක් හදලා තියෙන්නේ. නැත්තම් කකුල් බිම දිගේ ගෑවෙනවා. මාත් ඉක්මනට රියදුරු බල පත්‍රයක්‌ අරන් ගන්න ඕනී උස බයික් එකක් . හැබැයි ඉතින් වැඩිය තෙල් පිච්චෙන්නැති එකක්‌. කුටු කුටුවත් වුණත් කමක් නෑ. කදු අද්දනවනේ හොදට.

” සපුමල් ඔතනින් නතර කරන්න “

” ඒ මොකෝ ඒ ඇයි අයියට ලැජ්ජයිද මාත් එක්ක මෙහෙම යද්දි “

මට බයිසිකලෙන් පනින්න පුළුවන්. බැලන්ස් නැතුව සපුමල්ව පත බෑවුනොත් හරි නෑ නෙ ඒකයි . සපු මල් වලව්ව කඩුල්ලෙනුත් ඇතුළට දාලා පාගද්දී මන් බැලුවෙ ඔන්චිල්ලාවේ ඉදන් අප්පච්චි එක්කලා කතා කර කර ඉන්න මයෙ හාමු මහත්තයා දිහා. සපු මල් මාවත් දාගෙනම ගියේ ලොකු හාමු ඉන්න ඔන්චිල්ලව ළගට වෙද්දී සපුමල් බහින්න කිව්වත් හරි තමයි හාමු දිහාම බලන් හිටපු මාත් ඉක්මනට බයිසිකලෙන් බැස්සේ. අත් නැති බැනියමට කොට දුඹුරු පාට කලිසමක්‌. අම්මේ මයෙ හාමු මහත්තයගේ ලස්සන. ලොකු හාමුටවත් නැති හැඩහුරු කමක් නෙ මයෙ හාමුට තියෙන්නේ.

” මොනාද උබ ඔච්චරටම කල්පනා කරන්නෙ මයෙ එකා දිහා බලන් “

” නෑ මේ ලොකු හාමු නිකන් මේ. ඔයාලා දෙන්නා කතා කර කර ඉන්නකෝ මන් නාලා එන්නම් “

පුතාටයි අප්පච්චිටයි පාඩුවේ ඉන්න දීලා මන් ආවේ මයෙ හාමුගේ කාමරේට. පැටියා පේන්නවත් නෑ නෙ .  දෙනුවන් එක්කලා වෙන්නැති ඉන්නෙ.  ළිදෙන්ම වතුර බාල්දි ටිකක් ඇගේ හලා ගත්තු මන් හොදට ඔලුවත් පිහ දාලා කොහොඹ කොළ ටිකකුත් ගලේ අතුල්ලා ගා ගත්තෙ කම්මුලේ. ලාවට ලාවට එනවා තඩි කුරුලෑ ගෙඩියක්. එකක් ආවොත් විනාසයි. ඊට පස්සේ පොකුරු පිටින්ම හැදුනොත්.

” මොකද අප්පේ මේ. ආයේ සුදු වෙන්න දෙයක් නෑනෙ මයෙ චූටි අප්පච්චිගේ “

” කුරුලෑවක් දාගෙන එනවා ඒකයි මේ. මයෙ හාමුගෙත් ගාන්නද “

මන් කාමරේ කමිසයක් ඇද ඇද ඉද්දි දොරත් ඇරන් ඇතුළට ආපු හාමු මාව දැක්ක හැටියේ එහෙම කියද්දී මාත් අරහෙම කිව්වා

” අපෝ එපා. මයෙ මේ දුඹුරු පාට හොදටම හොදයි “

” තූති අප්පත්ති අලේ යන්කු තෙල්ලම් කලන්ත. අයියා පාදම් කලනවා. එන්තකු  අප්පූ “

” චූටි අප්පච්චි ආපු හැටියේ වද දෙන්න එපා නුරාද “

” පැතියා ඒම කාද කලන්තෑ තූති අප්පත්තිත. අයි ඔලා ඔත්තල බුලු කියන්තෙ ඈ අප්පත්ති….. බාන්න තූති අප්පත්ති මෙලා හදෙන විදිය තඋත්තුයි දන් නම්….  කු කු යන් තෙල්ලම් කලමුකු “

හාමු එකක් කිව්වොත් පැටියා ඒකට දහයක් කියයි මයෙ ගෙබි පැංචා. ඇබ්බිත්තන් කටක් වුණාට කියන්නේ ලොකු ලොකු කතා.

මඩුවේ තිබ්බ විල් බැරක්කෙත් ගත්ත මන් ඒකට උඩින් පරණ රෙදි කෑල්ලක් දාලා පැටියව වාඩි කරෝලා මිදුල වටේ අරන් ගියා. 

” අලේ…… කාදෝ එනෝ තූති අප්පත්ති “

පැටියා එහෙම කියද්දී තමයි මාත් කඩුල්ල දිහා බැලුවේ. රතු පාටට දිලිසෙනවා ඒ වාහනේ. කවුද ඇත්තට ඒ. කඩුල්ලත් පහු කරන් ආපු වාහනේ නැවැත්තුවේ මට ටිකක් එහාට්ට වෙන්න වෙද්දී විල් බැරෝක්කේ හිටපු පැටියව මන් වඩා ගත්තා. ටිකක් වෙලා ගියාට පස්සේ ඒකෙන් බැස්සේ ගෑණු කෙනෙක් වෙද්දී මන් බලාගෙන හිටියෙ මයෙ දිහාට හැරුණු ඒ රූපේ දිහා.  

ඒ සුද්දියක්. මයෙ පාට වගේමයි . හරියටම මට තියෙන තඹ කොන්ඩෙම තමයි ඒ සුද්දිටත් තිබ්බේ. අඩි උස සපත්තු දෙකක් දාපු එයගේ ඇගටම තද වෙච්ච ඇදුම තිබ්බේ දණ හියටත් ගොඩක් උඩින්. පපුවෙන් භාගයක් එළියේ. ඇත්තටම කිව්වොත් ඒ සුද්දි ගොඩක් ලස්සනයි. ලොකු හාමු පිටරට මිනිස්සුත් අදුරනවා වගේ. එයා අඩියෙන් අඩිය මයෙ ළගට එද්දි මන් යන්න හැරුනේ වලව්වේ ඇතුළට.

” අම්මා…. “

  

             💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලුලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වලට යාලුලා හැමෝටම ගොඩාරියක් ඉස්තුතියි 🙏💗 වෝට් වලටත් යාලූලා හැමෝටම ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 71